Thursday, May 2, 2024

General line - 0115112241

කුඩා දරුවා බේරා ගත් මාලි ජාතිකයාට ප්‍රංශ පුරවැසිභාවය (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ප්‍රංශයේ, පැරිස් අගනුවරදී මහල් නිවාසයක ගරාදි වැටෙන් ඇදවැටීමට ගිය කුඩා දරුවෙක් බේරා ගැනීමට කටයුතු කල මාලි ජාතික සරණාගතයෙක් වන 22 හැවිරිදි මාමුදෝ ගාස්මා හට ප්‍රංශයේ පුරවැසිභාවය ලබා දීමට එරට ජනාධිපති එම්මානුවෙල් මාක්රෝන් අද (28) පියවර ගනු ලැබුවා.

මාමුදෝ ගාස්මාගේ වීර ක්‍රියාව අගය කල ප්‍රංශ ජනාධිපතිවරයා ඔහුව පෞද්ගලිකව මුණගැසී ස්තුතිය පළකර ඇති අතර ඔහුගේ ධෛර්ය අගයමින් සම්මානයක්ද ලබා දී තිබෙන බවට ප්‍රංශ මාධ්‍ය විසින් වාර්තා කර තිබුනා. එමෙන්ම ප්‍රංශ ගිනි නිවීම් ඒකකයේ රාජකාරි කිරීම සදහාද ප්‍රංශ ජනාධිපතිවරයා ගෙන් ඔහුට ඇරයුමක්ද ලැබී තිබෙනවා.

මාලි ජාතික මාමුදෝ ගාස්මා මධ්‍යධරණි මුහුද හරහා යුරෝපය බලා බෝට්ටුවක නැගී ඉතාලියට පැමිණ එතනින් ප්‍රංශය බලා පැමිණි අනවසර සංක්‍රමණිකයෙක් වනවා. 

 

..............................................................................................................................................

සිවුමහල් ගොඩනැගිල්ලේ තනි අතින් එල්ලෙමින් සිටි කුඩා දරුවා බේරුණු හැටි

(28-05-2018 05:59)

ප්‍රංශයේ, පැරිස් අගනුවර සිවුමහල් ගොඩනැගිල්ලක පිහිටි ගරාදි වැටක එල්ලෙමින් සිය ජීවිතයත් මරණයත් අතර සටන් කරමින් සිටි කුඩා දරුවෙකු බේරා ගැනීමට සිය ජීවිතය ගැන පවා නොසිතා කටයුතු කල මාලී ජාතිකයෙක් පිලිබදව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

උතුරු පැරිසියේ පිහිටි ගොඩනැගිල්ලක මෙලෙස ගරාදි වටක එල්ලෙමින් සිටියේ සිවු හැවිරිදි දරුවෙක් වන අතර ඔහු තනි අතින් එල්ලී සිටින විට ඒ අසල සිටි ජනතාව බලාගෙන සිට ඇත්තේ එම දරුවා බේරා ගැනීමට සහන සේවකයින් පැමිණෙන තුරුය. කෙසේ වුවත් ඒ අසලින් ගමන් කරමින් සිටි 22 හැවිරිදි මාමුදෝ ගාස්මා නම් මෙම මාලී ජාතික තරුණයා එක්වරම ගොඩනැගිල්ලේ ගරාදි වැටේ ආධාරයෙන් ක්ෂණිකයෙන් දරුවා සිටි ස්ථානයට ලගා වන්නේ ත්‍රාසජනක චිත්‍රපටයක් ආකාරයෙනි.

කෙසේ වුවත් මාමුදෝ ගාස්මාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් පැරිස් ගිනි නිවීමේ ප්‍රධානියා ප්‍රශංසා කරමින් කියා ඇත්තේ තම නිළධාරින් පැමිණෙන විටත් එම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ශාරීරිකව සහ මානසිකව ශක්තිමත් පුද්ගලයෙක් සිටීම ගැන තමන් සතුටු වන බවයි.

මේ අතර පැරිසියේ නගාරාධිපති ඈන් හිඩල්ගෝ මෙම තරුණයාගේ වීර ක්‍රියාව පිලිබදව ප්‍රශංසා කර ඇති අතර සංක්‍රමණිකයෙක් වන මාලි ජාතික මාමුදෝ ගාස්මා හට එරට පුරවැසිභාවය සදහා ඉල්ලුම් කිරීමේදී උපකාර කරන බවට ප්‍රකාශ කර ඇති බවට රොයිටර් පුවත් සේවය සදහන් කරනවා.

මිලියන ගණනක් ලොවපුරා සිටින ජනතාව සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරු කරගත් මාමුදෝ ගාස්මාගේ වීඩියෝ පටයයි මේ