Saturday, May 11, 2024

General line - 0115112241

රංගන ශිල්පිනී දීපානි සිල්වා ඇප මත මුදා හැරේ (UPDATE)




බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ කිඳෙල්පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමේ සිද්ධිය සමබන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පිනි දීපානි සිල්වා ඇප මත මුදා හැරීමට පානදුර මහේස්ත්‍රාත අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මතයි. එමෙන්ම තුවාල ලැබූ දැරියගේ වෛද්‍ය ප්‍රතිකාර සදහා රුපියල් 25000ක මුලික ප්‍රතිකාර වියදම් ලබා දීමටද අධිකරණයේදී ඇය එකඟ වී තිබෙනවා.

තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දැරියගේ තත්ත්වයද විමසා බැලීමෙන් අනතුරුව ඇප ලබා දීමට අධිකරණය කටයුතු කල අතර තුවාල ලබා සිටි දැරියගේ පියාද රෝහලට පැමිණ සිටියා.

.........................................................................................................................................................

රංගන ශිල්පිනී දීපානි සිල්වා අත්අඩංගුවට

(28-05-2018 12:09)

බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ කිඳෙල්පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ඉදිරියෙන් ආ මෝටර් රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු සහ ඔහුගේ දස හැවිරිදි දියණිය තුවාල ලබා තිබෙනවා. අද (28) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් දැරිය බරපතල තුවාළ ලබා ඇති අතර තුවලකරුවන් දෙදෙනා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෝටර් රථය පදවා ඇත්තේ රංගන ශිල්පිනී දිපානි සිල්වා විසිනි. අදාල අනතුර සම්බන්ධයෙන් දීපානි සිල්වා බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.