Friday, May 3, 2024

General line - 0115112241

Al Jazeera පුවතින් මාලිංගගේ හෙළිදරව්ව තහවුරු වෙයි

කසුන් කැළුම්




තණතිලි පිළිබඳ ලසිත් මාලිංග ඉකුත්දා සිදු කළ ප‍්‍රකාශය යළි කරළියට පැමිණ තිබෙනවා. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ තරග පවාදීමේ සිද්ධියක් පිළිබඳ අල් ජසීරා නාලිකාව සිදු කළ අනාවරණයත් සමගයි.

බුකී කරුවන්ගේ ඉල්ලීම පරිදි තණතිලි සැකසීම සම්බන්ධයෙන් අල් ජසීරා නාලිකාව සිදු කළ අනාවරණය, මාලිංගගේ ප‍්‍රකාශයෙන් සනාථ වන බවයි ක‍්‍රිකට් විචාරකයන් පවසන්නේ. මෙම තරග පාවාදීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ සහය කළමනකාරු සහ තණතීරු සකසන්නා වන තරංග ඉන්දික මෙන්ම පළමු පෙළ කි‍්‍රඩකයෙකු වන තරිඳු මෙන්ඩිස්ගේ සියලූ කි‍්‍රකට් කටයුතු ද මේ යනවිට අත්හිටුවා තිබෙනවා. මෙම තරග පාවාදීමේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කරන බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන ප‍්‍රකාශ කළේ. 

ඉකුත් සැප්තැම්බර් මාසයේදී පැවති ක‍්‍රිකට් වැඩමුළුවකදී ලසිත් මාලිංග තණතිලි පිළිබඳ අනාවරණයක් සිදු කළේ මෙලෙසයි.