Sunday, May 12, 2024

General line - 0115112241

පොසොන් පෝයට "මුවෙක්" මස් කළ 4 ක් අත්අඩංගුවේ (PHOTOS)

හිගුරක්ගොඩ-ඩබි ඒ පියතිලක




පෝය දිනයේදී සාදයක් පැවැවිමට මන්දක් ගසා මුවෙකු මරා මස් කරමින් සිටි පුද්ගලයෝ සිවි දෙනෙකු ඝාතනය කරන ලද මුවාත් සමග එම ස්ථානයෙදිම අද (28)  පෙරවරුවෙි කල විශේෂ වැටලිමකදි අත්අඩංගුවට ගත් බව හිගුරක්ගොඩ පොලිසිය කියයි.

හිගුරක්ගොඩ රජයේ ගොවිපල් භුමියේ කලක පටන් 300 කට ආසන්න මුවන් රංචුවක්  සිටින බැවින් මෙම භූමියට පැමිණෙන දඩයම්කරුවන් මෙම මුවන් ඝාතනය කරන බවට පොලිසියට දිගින් දිගටම තොරතුරු ලැබී තිබු අතර අද දිනයේද ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

පොලිසිය විසින් සිදුකල චිමර්ෂණයට අනුව හෙළිවී ඇත්තේ හිඟුරක්ගොඩ, කුමාරගම නව ගම්මානයේ ඉදිවෙමින් පවතින ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු සදහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් හා ගම්වැසියන් දෙදෙනෙක් මෙයට හවුල් වී ඇති බවයි.