Friday, May 3, 2024

General line - 0115112241

තිලංගට එරෙහිව නිශාන්ත අවි අමෝරයි

අධිකරණ වාර්තාකරු




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සදහා තිලංග සුමතිපාල තරග කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා එම ආයතනයේ හිටපු ලේකම්වරයෙක් වන නිශාන්ත රණතුංග විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබෙනවා .

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් නිලවරණ කමිටුවේ සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති තිලංග සුමතිපාල ඇතුළු 27 දෙනෙකු නම් කර ඇත.

පෙත්සම්කරු සිය පෙත්සමෙන් අධිකරණය හමුවේ කියා සිටින්නේ ලබන 31 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා තරග කරන වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතාගේ නාමයෝජනාව නීතියට පටහැනි බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සදහා පත් කල නිලවරණ කමිටුව නීතියට පටහැනි ලෙසට පත් කර ඇති බවද පෙත්සම්කරු පවසා සිටියි .

එම නාමයෝජනාව මත තිලංග සුමතිපාල අදාළ තනතුර සඳහා තරග කළහොත් ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සහ  ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය වන බවයි පෙත්සම්කරු පවසා සිටියි.

තවද තිලංග සුමතිපාල ගේ නාමයෝජනාවට එරෙහිව ගොනු කළ විරොධතා සැලකිල්ලට නොගෙන ඇති බව පෙත්සම්කරු චොදනා කර සිටියි .