Sunday, May 12, 2024

General line - 0115112241

සරසවි සිසුවෙක් ගේ අතක් අහිමි කල අනතුර




බස් රථයක ජනේලයකින් අත ඉවතට දමාගෙන ගිය සරසවි සිසුවෙකුගේ අත ටිපර් රථයක ගැටී සිරුරෙන් වෙන්වූ සිද්ධියක් පැල්මඩුල්ල සන්නස්ගම ප‍්‍රදේශයෙන් අද (03) වාර්තා වුණා. මෙම සිසුවා ගමන් කර තිබුණේ කොළඹ සිට බිබිල දක්වා ධාවනය වූ ලංගම බස් රථයකයි. 

ඊට ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ඔහුගේ දකුණු අත වැදී තිබුණා. අත සිරුරෙන් වෙන්වීමත් සමඟ රත්නපුර රෝහලට ඇතුළත් කෙරුණු සිසුවා වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි. 23 හැවිරිදි වියේ පසුවන ඔහු සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට ගැණුනා.