Monday, May 13, 2024

General line - 0115112241

ජෝර්දානය නොසන්සුන් (PHOTOS)




ජෝර්දාන රජය විසින් ඉදිරිපත් කර ඇති යෝජිත බදු ඉහළ නැංවීමේ පනතට එරෙහිව දැවැන්ත විරෝධතා රැල්ලක් ආරම්භ වී තිබෙනවා. දැනට දින කිහිපක් තිස්සේ මෙම විරෝධතා පැවැත්වෙනවා.

විරෝධතාකරුවන් අම්මාන් නුවර කැබිනට් මණ්ඩල කාර්යාලයට ආසන්නයේ විරෝධතාවයේ යෙදී සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ බලපෑම් මත දිළිඳු සහ මධ්‍යම පාන්තික ජනතාව පීඩාවට පත් කරමින් නව බදු පනත ඉදිරිපත් කර ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා.

පිරිස පාලනය කිරීම සදහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කර තිබුණා.

මේ අතර සම්මුතියකට එළඹෙන ලෙස ජෝර්දානයේ අබ්දුල්ලා රජු සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කර තිබුණත් විරෝධය දක්වන පාර්ශ්ව ඊට ප්‍රතිචාර දක්වා නොමැති බවයි වාර්තා වෙන්නේ. ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවටද විරෝධතාකරුවන් බලපෑම් කරනවා.