Saturday, May 18, 2024

General line - 0115112241

ආණ්ඩුවෙන් ඉවත්වීමේ ක්‍රියාවලිය ගැන ශ්‍රීලනිප නව මහලේකම් හෙළිකරයි

තරංග රුක්ෂාන් ජයසේකර/සජිත් තිලකරත්න




ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් තීරණාත්මක අවධියකට මේ වනවිට නිදහස් පක්ෂය පැමිණෙමින් සිටින බව නව මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.

ඒ, නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ආණ්ඩුවෙන් ඉවත් වීමට පෙර පක්ෂය ශක්තිමත් කළ යුතු බවයි.

මහාචාර්යවරයා නව තනතුරට පත් කෙරුණේ තාවකාලිකවයි. ඒ, දින 45ක කාලයක් සඳහායි. මෙවැනි කෙටි කාලයකින් නිදහස් පක්ෂයේ කැපී පෙනෙන වෙනසක් සිදු කළ හැකිදැයි නෙත් නිවුස් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසගෙන් ප‍්‍රශ්න කලා. එහිදී ඔහු සඳහන් කළේ කිසියම් ඉලක්කයක් මත වැඩකිරීම මෙම දින 45 අරමුණ බවයි. පක්ෂයේ ප්‍රබල සංවිධානයක් මෙම කාලය තුළ ඇති විය යුතු බවද සඳහන් කෙරුණා. යම් ප්‍රතිපත්ති මාලාවක් සකසා ඒ වටා පිරිස් එකතු කර ගැනීම වඩා යෝග්‍ය බවද සඳහන් කෙරුණා.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහ ලේකම් ධුරයට පත්කිරීමට අමතරව තවත් තනතුරු වෙනස්කම් රැසක් ඊයේ සිදු වුණා. පක්ෂයේ ජතික සංවිධායක හා භාණ්ඩාගාරික ධුර වෙනස් වීමද ඒ අතරට අයත්. පක්ෂයට ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් සිව් දෙනෙක්, උප සභාපතිවරුන් 11 දෙනෙක් හා උප ලේකම්වරු 08 දෙනෙක් ද එහිදී පත් කෙරුණා.