Friday, May 17, 2024

General line - 0115112241

අඩුම දින ගණනකින් ක්‍රිකට් පිටියේ තැබූ වාර්තාව (VIDEO)

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ තවත් වාර්තාගත ජයක් ඊයේ (03) හිමිකර ගත්තා.

ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 20දී කඩුලූ 08කට ලකුණු 167ක් රැස් කළා.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 122ක් පමණයි. පන්දු යැවීමේ දී ඇෆ්ගනිස්ථානයේ රශීඩ් ඛාන් ලකුණු 13කට කඩුලූ 03ක් බිඳ හෙළුවා.

පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ ලොව අංක එකේ පන්දු යවන්නා වන ඔහු මෙහිදී නව ක‍්‍රිකට් වාර්තාවක් බිහි කිරීම ද විශේෂත්වයක්. ඒ, අඩුම දින ගණනකින් පන්දුවාර 20 ක‍්‍රිකට් පිටියේ කඩුලූ 50ක් බිඳ හෙළු පන්දු යවන්නා බවට පත්වෙමින්.

අඩුම තරග සංඛ්‍යාවකින් පන්දුවාර 20 පිටියේ කඩුලූ 50ක් බිඳ හෙලූ ලොව දෙවන ක‍්‍රීඩකයා ලෙසටද ඔහු වාර්තා වාර්තා පොත් අතරට එක්වුණා. එහි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ශ‍්‍රී ලංකාවේ අජන්ත මෙන්ඩිස්.