Thursday, January 2, 2025

General line - 0115112241

ජවිපෙ මෛතී‍්‍රගෙන් මිලියන 500 ක වන්දියක් ඉල්ලයි

නිශාන් ද සිල්වා




එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් මෛති‍්‍ර ගුණරත්නගෙන් ගෙන් රුපියල් මිලියන 500 වන්දියක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර නලින්ද ජයතිස්ස විසින් එන්තර වාසියන් යොමු කර තිබෙනවා. ඒ, තමා අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බවට ඔහු සිදු කළ ප‍්‍රකාශයෙන් තමන්ට අපහාසයක් සිදුවූ බව පවසමින්.



ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් ද මෙහිදී අදහස් දැක්වුවා.