Thursday, January 2, 2025

General line - 0115112241

අද දිවුරුම් දෙන එජාපයේ පසුපෙළ 06දෙනා මෙන්න

හේමන්ත කහවලගේ/නිශාන් ද සිල්වා




එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් හය දෙනෙකු නියෝජ්‍ය අමාත්‍ය ධුරවල අද (12) දිවුරුම්දීමට නියමිතව තිබෙනවා. එ්, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මෙම උත්සවය පෙරවරු 9.00 ට ආරම්භ වනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අජිත් මාන්නප්පෙරුම, රංජිත් අලූවිහාරේ, නලින් බණ්ඩාර, බුද්ධික පතිරණ, ලකී ජයවර්ධන සහ එඞ්වඞ් ගුණසේකර මෙලෙස නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස මෙහිදී දිවුරුම් දීමට නියමිත බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

ඉකුත්දා සිදුකෙරුණු කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නියෝජ්‍ය අමාත්‍ය ධුර නොලැබීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් අලූවිහාරේ එක්සත් ජාතික පක්‍ෂය සංවිධාන කළ මැයි දින රැළියද වර්ජනය කළා.

පසුව ඔහු ඇතුළු පසුපෙළ මන්තී‍්‍රවරුන් පිරිසක් මේ පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව අද දිනයේදී ලකී ජයවර්ධන කදුරට උරුමය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අජිත් මාන්නප්පෙරුම මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

රංජිත් අලූවිහාරේ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ එඞ්වඞ් ගුණසේකර අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

නලින් බණ්ඩාර රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් බුද්ධික පතිරණ වෙළද වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අද දිවුරුම් දෙනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.