හොරණ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොලේගොඩ - ඉහල වෙල්ගම මාර්ගය ප්රදේශවාසීන් විසින් මුදල් වැය කර සකස් කිරීම පිළිබඳ බැලූම්ගල වැඩසටහනින් ඉකුත්දා අනාවරණ කෙරුණා.
පවුල් සියයක් පමණ භාවිත කරන එම මාර්ගය ඉකුත් සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට පෙර නායයෑමකට ලක්වුණා.
සිය මාර්ගය සකස් කර දෙන ලෙසට බලධාරීන්ට කොතෙකුත් දැනුම් දුන්නද එය සකස් කිරීමට බලධාරීන් මැදිහත් නොවීම හේතුවෙන් ප්රදේශවාසීන් විසින් රුපියල් ලක්ෂ 22 ක් වැය කර ඔවුන් විසින්ම එම මාර්ගය සකස් කර තිබුණා.
එම කි්රයාව පැසසුමට ලක් කරමින් ඉකුත්දා ප්රචාරය කෙරුණු බැලූම්ගල වැඩසටහනින් ඒ පිළිබදව අනාවරණ කෙරුණා. ඉන්පසුව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි එම ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වුණා.
බැලූම්ගල වැඩසටහනින් කළ මෙම අනාවරණයත් සමග එම ජනතාවගේ තවත් ඉල්ලීම් කිහිපයකට විසදුම් ලබාදීමටද මෙහිදී තිරණය කළ බවයි ඔහු ප්රකාශ කළේ.