Thursday, January 2, 2025

General line - 0115112241

ෆේස්බුක් වීරයන් වෙන්න ගිය තරුණයින්ට පොලිසියෙන් පන්ති

කාංචන ආරියදාස




කඩු කිනිසි ආදී තියුණු ආයුධ අතැතිව ෆේස්බුක් හී වීරයන් වෙන්නට උත්සාහ දැරූ තරුණයන් හතර දෙනෙකු පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.

දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙන මෙම සිද්ධියට අදාළ තරුණයින් සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වී දඹුල්ල මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා උපදේශන පන්තියක් ද පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

අවුරුදු 21, 16, 18 යන වයස්වල පසුවන දඹුල්ල කණ්ඩලම  කැප්ඇල  ප්‍රදේශයේ තරුණයන් සිව් දෙනෙකු  ප්‍රදේශයේ වැඩිහිටි බාල මහලු බොහෝ දෙනෙකුට හිරිහැර කරදර වන ආකාරයෙන් හැසිරෙන බවත් ඔවුන් සිව්දෙනා මුහුණුපොතේ මැරයන් ලෙස හඳුන්වා දෙමින් හැසිරෙන බවත්  ප්‍රදේශවාසීන් පොලිසියට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වහාම මෙම තරුණයන් සිව් දෙනාගේ ෆේස්බුක් ගිණුම් නිරීක්ෂණය කොට පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු කණ්ඩලම කැප්ඇල ප්‍රදේශයට යවා ඔවුන් සිව් දෙනාම පොලීසියට කැඳවා ගෙන තිබෙනවා.

පසුව ෆේස්බුක් ගිණුම්වල බොහෝ දෙනෙකු සිදු කරන ක්‍රියාවන් පිළිබඳවත් එමෙන්ම නිර්මාණ පිළිබඳවත් මෙම සිව්දෙනාට පැය කිහිපයක පාඩමක් කියා දෙන්නට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර තිබෙනවා. 

ෆේස්බුක් හී කඩු කිනිසි අතැතිව මුදාහැර තිබූ ඡායාරූප සහ අනෙකුත් ක්‍රියාවන්ට අයත් පළකිරීම් වෙන් වෙන්ව පෙන්වා දී එහි ඇති අහිතකර තත්ත්වය මෙම තරුණයින් සඳහා පැහැදිළි කර දී තිබෙනවා. පසුව ඔවුන්ට සරල ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කර තිබූ අතර ඒවා සම්බන්ධ නිවරුදි පිළිතුරු දීමටද ඔවුන් අසමත් වී ඇති බවයි වාර්තා වෙන්නේ.

සමාජය පිළිබඳ අවබෝධයත් තමන් කරන්නට ගිය වරද පිළිබඳවත් පැහැදිළි කර දී දීර්ඝ ලෙස අවවාද කිරීමටත් පොලිසිය කටයුතු කර තිබෙනවා. පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේ මෙම තරුනයින් පිළිබඳව ඉදිරියේදීද අවධානයෙන් පසුවන බවයි.