තැපැල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් රථ වාහන දඩ ගෙවීමේ කටයුතුවලටද බාධා එල්ල වී තිබෙනවා.
මෙම වර්ජනය හේතුවෙන් දිවයිනේ තැපැල් කාර්යාල සියයට 80 ක් පමණ වසා දමා ඇති බවයි තැපැල් වෘත්තීය සමිති පැවසුවේ. එහි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මේ බව සඳහන් කළා.
ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරත වන්නේ තැපැල් දෙපාර්තමේන්තුව සඳහා වෙන් වූ වෙනම බඳවා ගැනීමේ පටිපාටියක් කි්රයාත්මක කරන ලෙසට රජයට බල කරමින්.
වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ රැකියාව සුරක්ෂිත කිරීමද ඔවුන්ගේ තවත් එක් ඉල්ලීමක්.
සිය ගැටළුවලට විසදුම් ලබාදෙන තෙක් වර්ජනය අත්නොහරින බවයි චින්තක බණ්ඩාර පැවසුවේ.