ගම්පොල, උඩ පළාත ප‍්‍රාදේශීය සභාවේ අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. සභා රැස්වීම අතරතුරු පාලක පක්‍ෂය සහ විපක්‍ෂයේ මන්තී‍්‍රවරුන් අතර ගැටුමක් හටගත් බවයි පොලීසිය පැවසුවේ. එම ගැටුමෙන් ගම්පොල උඩපළාතේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ තවත් මන්තී‍්‍රවරයෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් ගම්පොල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. ප‍්‍රතිපාදන සම්බන්ධයෙන් මන්තී‍්‍රවරුන් අතර ඇති වූ උණුසුම් සංවාදයක් මෙම ගැටුමට හේතු වි තිබෙනවා.