ජපානයේ පැවති 18 වන ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේ මීටර් සියය හතර බාලිකා සහාය දිවීමේ ඉසව්ව සදහා ශී‍්‍ර ලංකාවෙන් කණ්ඩායමක් සහභාගි නොකරවීම පිළිබඳව අදාළ පාර්ශවවලින් කරුණු විමසීමට කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම්වරයා තීරණය කර තිබෙනවා. තමන් ඒ පිළිබදව වාර්තාවක් ලබාදෙන ලෙස කී‍්‍රඩා අධ්යක්ෂ ජනරාල් බුවනෙක හේරත්ට දැනුම් දුන් බවයි කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියාසිටියේ.
මෙවර දකුණු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී මීටර් සියය හතර බාලිකා සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙවර ජපාන සංචාරයට එක් නොකිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. ඉකුත්දා ජපානයේ පැවති 18 වන ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී චීනය මීටර් සියය හතර බාලිකා සහාය දිවීමේ ඉසව්වේ රන්පදක්කම දිනාගත්තේ තත්පර 45.06l දක්ෂතාවක් වාර්තා කරමින්.
තත්පර 45.96 ක දක්ෂතාවක් වාර්තා කළ ජපානය එහි රිදී පදක්කම දිනාගත්තා. හොංකොං කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගත්තේ තත්පර 47 ක දක්ෂතාවක් වාර්තා කරමින්. කෙසේවෙතත් ඉකුත්දා නිමාවට පත් වූ දකුණු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී අමාෂා ද සිල්වා ප්රමුඛ මීටර් සියය හතර සහාය දිවීමේ බාලිකා කණ්ඩායම තත්පර 46 .23 දක්ෂතාවක් වාර්තා කළා. ඒ, නව තරග වාර්තාවක්ද සමගින්.
ඔවුන් මෙවර ජපානයේ පැවති ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියට සහභාගි කරවූයේ නම් එම කාල ගණනයට අනුව ශී‍්‍ර ලංකාවට ලෝකඩ පදක්කම දිනා ගැනීමේ හැකියාව තිබුණා. නිමා වු දකුණු ආසියානු කණිෂ්ඨ මලල කී‍්‍රඩා තරගාවලියේදී කළමණාකරු අනිල් වීරසිංහගේ කි‍්‍රයා කලාපයට එරෙහිව මෙම කී‍්‍රඩිකාවන් සාක්ෂි ලබාදීම හේතුවෙන් ඔවුන් ජපාන සංචාරයෙන් ඉවත් කර ඇති බවටයි වාර්තා පළ වුණේ. ශී‍්‍ර ලංකාවට පදක්කමක් අහිමි කිරීම සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යාංශ ලේකම්වරයා අදාළ පාර්ශවවලින් ඉදිරියේදී කරුණු විමසනු ඇති.