Friday, January 3, 2025

General line - 0115112241

ජවිපෙ මන්ත්‍රී ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තා කියන කතාවට ජවිපෙ දෙන උත්තරේ

පසන් වික්‍රමතිලක




අර්ජුන් ඇලෝසියස්ගෙන් සිය පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු මුදල් ලබාගෙන ඇත්නම් එය ඔප්පු කර පෙන්වන ලෙස අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

"හොරුන්ගෙන් සල්ලි අරගෙන සුජීව සේනසිංහලා ලැජ්ජා නැතිව තවදුරටත් ඇමති තනතුරුවල ඉන්නවා. සුජීව සේනසිංහ කියන්නේ තමන්ගේ නමට චෙක්පතක් ලැබුණේ නැහැ කියලා. ඒක වෙන්න පුළුවන්. නමුත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමට අනුබද්ධ සමාගමක් විසින් නිකුත්කර තිබෙන චෙක්පත් 166ක් තිබෙනවා. ඒවා බොහොමයක් කෑෂ් චෙක් විදිහටයි නිකුත්කොට තිබෙන්නේ. ඒවා  ඕනෑම කෙනෙකුට මාරු කරගන්න පුළුවන්.

ඇමතිකමින් ඉවත් කරලා හිරේ දාන්න  ඕන මෙවැනි පුද්ගලයින් අද මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඉන්නවා. රවී කරුණානායක ඇමතිවරයා මේ චෝදනාවට ලක්වෙලා ඇමතිකමින් ඉල්ලා අස්වෙන්න සිදුවුණත් ඔහුට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග නැහැ. පුහුල් හොරා කරෙන් දැනේ කියලා කතාවක් තිබෙනවා. ඒ නිසා දැන් හොරු අහුවෙලා ඉවරයි. "