වියළි පළතුරු සැකසීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ජාතික හදබිම අධිකාරියට උපදෙස් ලබාදී ඇත්තේ.
දිවයිනේ පළතුරු බහුල කාලවලදී භාවිතයට නොගෙන විශාල වශයෙන් පළතුරු අපතේ යනවා. එවැනි කාලවලදී පෝෂ්‍ය ගුණයට හානියක් නොවන පරිදි පළතුරු වියළා ගන්නා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ. ගොවි පවුල්වල කාන්තාවන් මගින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට ද කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.