Thursday, January 9, 2025

General line - 0115112241

'හිට්ලර් ප්‍රකාශය' ගැන මහින්දගේ මතය

හේමන්ත කහවලගේ




අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ශාස්ත‍්‍රපති පුජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් සිදු කළ ප‍්‍රකාශය ඇතැම් දේශපාලඥයින් පටු අරමුණු වෙනුවෙන් විවේචනය කරමින්  සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ උන්වහන්සේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දින පිංකමේදී සිදු කළ ප‍්‍රකාශයේ වචන කිහිපයක් ගෙන හැර දක්වමින් ඇතැමුන් මෙම විවේචන සිදු කර ඇති බවයි.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමියන් සිය ප‍්‍රකාශයේදී හිට්ලර් ලෙස හඳුන්වා ඇත්තේ ඍජු තීරණ ගන්නා නායකයෙකු රටට අවශ්‍ය කර ඇති බව යන්නයි වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මේ වනවිට ඇතැම් දේශපාලඥයින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වනු ඇතැයි බියෙන් පසුවන බවයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේ. එබැවින් ඔවුන් මෙවැනි ප‍්‍රකාශයන් සිදු කරමින් සිටින බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒකාබද්ධ විපක්ෂය හෝ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නෙත් නිවුස් වෙත වැඩිදුරටත් කියා සිටියේ.