Saturday, April 27, 2024

General line - 0115112241

ස්විට්සර්ලන්ත පාපන්දු කී‍්‍රඩකයින් දෙදෙනෙකුට එරෙහිව විනය පරීක්‍ෂණ

තරංග රුක්ෂාන් ජයසේකර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




මෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලානයට එක්ව සිටින ස්විට්සර්ලන්ත කී‍්‍රඩකයින් දෙදෙනෙකුට එරෙහිව පරීක්‍ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ, සර්බියාවට එරෙහිව ඊයේ (23) පැවති තරගයේදී ගෝල ලබාගැනීමෙන් පසු ඔවුන් සිය ජයග‍්‍රහණය සැමරූ ආකාරය පිළිබදවයි. 

එම කී‍්‍රඩකයින් දෙදෙනාගේ හැසිරීම වර්ගවාදී හැගීම් මතුවන බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. මෙම කී‍්‍රඩකයින් දෙදෙනාම ඇල්බේනියානු ජාතිකයින්. 1999 දී ඇල්බේනියානු ජනවර්ගයට එරෙහිව සර්බියාව මෙහෙයුම් දියත් කළා. එම කී‍්‍රඩකයින් දෙදෙනා සිය දෑත් උකුස්සෙකු පියාසර කරන ආකාරයට පෙන්වමින් ජය සැමරූ අතර ඇල්බේනියානු ධඡයේ සිටින්නේද පියසර කරන උකුස්සෙක්.