වාරියපොල, නෑටිය, මලගානේ වැවේ ඔරුවක් පෙරළී පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා. ඔවුන් අවුරුදු 20 සහ 48 යන වයස්වල පසුවන්නන්. තවත් තිදෙනෙකු සමග ඔවුන් වැවට ගොස් තිබුණේ ඔරුවක් ආධාරයෙන් නෙළුම් කොළ කැඞීමටයි.
එහිදී ඔරුව පෙරළී ඇති අතර තිදෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා. අද (24) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් අතුරුදන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. ඒ, පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන්.