Wednesday, February 5, 2025

General line - 0115112241

කෝටි 54 අල්ලස් සිද්ධියේ සැකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්




කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට ඉන්දියානු සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබා ගත් බවචෝදනා එල්ලවී ඇති ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ආචාර්ය අයි.එච්.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක ජූලි   මස 10 වැනි දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනය අද (26)  නියෝග කළා.

සැකකරුවන් සම්බන්ධයෙන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා .මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ අවසන් නොමැති බැවින් ඇප ඉල්ලීම එසේ ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයකදී අල්ලස් වශයෙන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගන්නා අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා  අත්අඩංගුවට ගනු ලැබුවා.