Friday, May 3, 2024

General line - 0115112241

විරසක පසෙකලා ලොව බලවත්ම රාජ්‍ය නායකයින් දෙදෙනා එක් වෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සමුළුව ජුලි 16 වනදා ෆින්ලන්තයේ දී පැවැත්වීමට මිට සුළු මොහොතකට පෙර තීරණය කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඒ අනුව ෆින්ලන්තයේ අගනුවර වන හෙල්සින්කිහි දී ලොව බලවත්ම රාජ්‍ය නායක දෙකක නායකයින් දෙදෙනා අතර සාකච්ජා පැවැත්වෙනු ඇති.

එක්සත් ජනපදය සහ රුසියාව අතර වන සම්බන්ධතාවයන් හා ආරක්ෂක ගැටළු පිළිබඳව මෙහිදී රාජ්‍ය නායකයින් දෙදෙනා අතර සාකච්ජා කරනු ඇති බවයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ.

එක්සත් ජනපදයේ ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් හා රුසියානු ජනාධිපති පුටින් අතර හමුවක් ඊයේ (27) මොස්කව් හිදී පැවති අතර එහිදී මෙම සමුළුව පිළිබඳව අවසන් තීරණයන්ට එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

හිටපු ඔත්තුකරුවෙක් බ්‍රිතාන්‍යයේදී විස ශරීර ගත කර ඝාතනය කිරීමට රුසියාව කටයුතු කළ බවට එල්ලවූ චෝදනාවන්ට පිළිතුරු දෙමින් ජනපති ට්‍රම්ප් විසින් රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 60 දෙනෙක් එරටින් පිටුවහල් කලේ පසුගිය මාර්තු 26 වනදායි. එයට එකට එක කිරීමක් වශයෙන් රුසියාවේ සිටි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 60 දෙනෙක් පිටුවහල් කිරීමට රුසියානු ජනාධිපතිවරයා නියෝග කළා.

දෙරට අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබු අතර පසුගිය දා සිංගප්පුරුවේදී පැවති අමෙරිකානු - උතුරු කොරියානු සමුළුව ගැන චීනයේදී අදහස් දක්වමින් රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ද ජනාධිපති ට්‍රම්ප් සමග සමුළුවක් සදහා සහභාගිවීමට කැමැත්තෙන් සිටින බවයි.