Wednesday, May 22, 2024

General line - 0115112241

පුහුණුවට ගුහාවට ගිය පාපන්දු කණ්ඩායම සොයා තවදුරටත් මෙහෙයුම් (PHOTOS)

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




තායිලන්තයේ චියැන්ග් රායි ප‍්‍රදේශයේ ගුහාවක් තුළ සිරවී සිටින පිරිමි ළමුන් පිරිසක් සොයා තායිලන්ත බලධාරීන් තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් සිටිනවා. පාපන්දු කී‍්‍රඩකයින් පිිරිසක් වන මෙම ළමුන්, මීට සතියකට පමණ පෙර සිට මෙම ගුහාවේ සිරවී සිටින බවයි වාර්තා වන්නේ. ඔවුන් සියල්ලන්ම අවුරුදු 11ත් 16ත් අතර වයස් සීමාවන්හි පසුවනවා.

ළමුන් පිරිස සමග 25 හැවිරිදි ඔවුන්ගේ පුහුණුකරු ද වන බව සඳහන්. සිය පුහුණුවීම් කටයුතු සඳහා මෙම කණ්ඩායම නිරන්තරයෙන් අදාළ ගුහාවට යන නමුත් පසුගියදා බලපෑ ජල ගැලීම් හමුවේ ඔවුන් රැුඳී සිටි ගල්ගුහාව ජලයෙන් පිරිගොස් තිබෙනවා. අනතුරුවයි ඔවුන් ගල්ගුහාව තුළ සිරවී ඇත්තේ.