Saturday, April 27, 2024

General line - 0115112241

බෙල්ජියම අවසන් පූර්ව වටයට




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට බෙල්ජියම ඊයේ (06) රාති‍්‍රයේ සමත් වුණා. ඒ, ප‍්‍රබල බ‍්‍රසීල කණ්ඩායම ගෝල 2 ට 1 ක් ලෙස පරාජය කරමින්. තරගයේ 13 වන මිනිත්තුවේදී බෙල්ජියම සිය පළමු ගෝලය වාර්තා කළ අතර 31 වන මිනිත්තුවේදී තවත් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

බ‍්‍රසීලය සිය පළමු ගෝලය වාර්තා කළේ තරගයේ 76 වන මිනිත්තුවේදීයි. ඒ අනුව බෙල්ජියම් කණ්ඩායම ලෝක පාපන්දු කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ඉතිහාසයේ 2 වන වරටයි. මීට පෙර ඔවුන් එවැනි දස්කමක් දක්වා ඇත්තේ් 1986 වසරේදීයි.

මේ අතර ඊයේ පැවති පළමු අර්ධ අවසන් තරගයේදී ගෝල 2 ට බින්දුවක් ලෙස උරුගුවේ කණ්ඩායම පරාජය කළ ප‍්‍රංශය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ඔවුන් එවැනි දස්කමක් දැක්වූයේ වසර 12 කට පසුවයි.