Monday, May 6, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා යොවුන් කී‍්‍රඩකයින් ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක

කසුන් කැළුම්




සංචාරක ඉන්දීය යොවුන් කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සිව්දින කි‍්‍රකට් තරගයේ අවසන් දිනය අද (27) යි. ඊයේ දිනය නිමා වන විට දෙවන ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම කඩුළු 3 ක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 47 ක්.

ඉන්දීය යොවුන් කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 613 ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම පළමු ඉනිමට රැුස් කළේ ලකුණු 316 ක් පමණයි. ඒ අනුව ඉනිමක පරාජයෙන් බේරීමට ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම තවත් ලකුණු 250 ක් රැස්කළ යුතුව තිබෙනවා. අතැතිව ඇත්තේ කඩුළු 7 ක් පමණයි.

මෙම තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.