Sunday, May 5, 2024

General line - 0115112241

එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට ඉන්දියාවෙන් සාර්ථක පෙරහුරුවක්

සමන්ත කුමාර




සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත එසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායම අතර පැවති තුන්දින පුහුණු කි‍්‍රකට් තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුණා.

තෙවන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම කී‍්‍රඩා කළ ඉන්දීය කණ්ඩායම කඩුළු 2 ක් දැවී ලකුණු 89 ක් රැුස්කර ගෙන සිටියා. මෙම තරගයේ පළමු ඉනිම වෙනුවෙන් ඉන්දීය කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 395 ක්. එහිදී ඉන්දීය පිතිකරුවන් පස් දෙනෙකුම අර්ධ ශතක වාර්තා කිරීම විශේෂත්වයක්. එසෙක්ස් කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 8 ක් දැවී ලකුණු 359 ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා.

ඉන්දියාව සහ එංගලන්තය අතර තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අගෝස්තු මස පළමු වනදා බර්මින්හැම්හිදි ආරම්භවීමට නියමිතයි.