Tuesday, April 30, 2024

General line - 0115112241

පාකිස්ථානයේ පාසල් 12 කට බෝම්බ ප්‍රහාර

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




උතුරු දිග පාකිස්ථානයේ පිහිටි පාසැල් 12කට තලෙයිබාන් ත්‍රස්තවාදීන් ඇතුළු ඉස්ලාමිය අන්තවාදී කණ්ඩායම් විසින් බෝම්බ ප්‍රහාර එල්ල කොට ඒවා ගිනි තබා විනාශ කර ඇති බව රොයිටර් පුවත් සේවය සදහන් කරනවා. 

මෙලෙස විනාශ කර දමා ඇත්තේ බාලක පාසැල් 8 ක් සහ බාලිකා පාසැල් 4ක් බවයි පාකිස්ථානයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ. කාන්තාවන්ට අධ්‍යාපනය ලබාදීම අන්තවාදී ඉස්ලාමිය ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් දඬුවම් ලැබිය හැකි වරදක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

2012 වසරේදී කාන්තාවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හඩ නැගු තරුණියක් වන නොබෙල් ත්‍යාගලාභී මලාළා යුසුස්සායි හට පාකිස්ථාන තලෙයිබාන් ත්‍රස්තවාදින විසින් වෙඩි තැබූ අතර ඇය ඉන් දිවිගලවා ගනු ලැබුවා.

ඉකුත්දා පැවති මහ මැතිවරණයෙන් ජය ලබා දිවුරුම්දීමට නියමිත නව පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ද මෙම ත්‍රස්ත ප්‍රහාරය හෙලා දකිමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

පාසැල් වලට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.