Wednesday, February 5, 2025

General line - 0115112241

විදේශිකයාගෙන් අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාට වැඩ වරදියි

දිනුක් හේවාවිතාරණ




විදේශීය ජාතිකයෙකු ගෙන් රුපියල් 5000 ක මුදලක් අල්ලස් වශයෙන් ගත් බව කියන ගාල්ල හබරාදුව පොලිසියට අනියුක්තව සේවය කරනු ලබන පොලිස් නිළධාරීන් දෙදෙනෙකුගේ රාජකාරි වැඩ තහනම් කර ඇත.

මෙම සිදුවීම සැලවීමත් සමග පොලිස්පති පුජිත් ජයසුන්දරගේ නියෝගය පරිදි ගාල්ල සහකාර පොලිස් අධිකාරිවරයා විසින් එම නිලධාරීන් දෙදෙනා රාජකාරි වැඩ තහනමට ලක් කර ඇති අතර මුලික විමර්ශන සිදුකර අවසන් බැවින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිසන් සභාවට ඔවුන් දෙදෙනා භාරදීමට පියවර ගෙන තිබෙනවා.