Friday, May 3, 2024

General line - 0115112241

ෆේස්බුක් බිඳ වැටෙයි

පවිත්‍රා මධුහර්ශනී




ලොව ජනපි‍්‍රයම සමාජ මාධ්‍ය ජාලයක් වන ෆේස් බුක් සමාජ මාධ්‍ය ජාලයේ කටයුතු ඊයේ (03) මිනිත්තු කිහිපයක කාලයක් බිඳ වැටීමට ලක් වුණා. ඒ අනුව ලොව පුරා විසිරී සිටින ෆේස්බුක් පරිශීලකයින් හට ඊයේ මිනිත්තු කිහිපයක් සිය ෆේස්බුක් ගිණුම් සඳහා පිවිසීමට නොහැකි වූ බවයි වාර්තා වුණේ. ඉතා සුළු කාලයක් ඇතුළත මෙම ගැටලූව යථාතත්ත්වයට පත් කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන තිබුණා.

සිද්ධිය සම්න්ධයෙන් ප‍්‍රතිචාර දැක්වූ ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් පසුව පැවසුවේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස ෆේස්බුක් හි කි‍්‍රයාකාරීත්වය අඩපණ වූ බවයි. එය විසඳීමට සිය සමාගම ඉක්මනින් කටයුතු කළ බවද ඔවුන් ප‍්‍රකාශ කළා. අමෙරිකාවල බි‍්‍රතාන්‍ය සහ යුරෝපයෙන් මෙලෙස ෆේස්බුක් සමාජ ජාලය බිඳ වැටීම සම්බන්ධයෙන් වැඩිවශයෙන් තොරතුරු වාර්තා වූ බවයි විදෙස් වාර්තා පැවසුවේ. ශ්‍රී ලංකාවටද මෙම තත්ත්වය බලපානු ලැබුවා.