ජනතාව බදු බරින් පීඩිතව සිටියදී, අනවශ්‍යය අවස්ථාවක ගෙන ආ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගේ මන්තී‍්‍ර වැටුප වැඩි කිරීමේ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර රමේෂ් පතිරණ පවසනවා. ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රමේෂ් පතිරණ මන්ති‍්‍රවරයා මෙම අදහස් පළ කළා.
"ජනතාව බදු බරෙන් පීඩිතව ඉන්නකොට වේලක් ඇර වේලක් කනකොට ජනතාව බොහොම පීඩනයෙන් ඉන්න මොහොතක මේක මේ කරන්නේ අනෙක් ප්‍රශ්න යටකරන්නයි. දැන් ජනතාව සියලු ප්‍රශ්න අමතක කරල මන්ත්‍රී වැටුප ගැන කතා කරනවා. මේ අනවශ්‍ය අවස්ථාවක කරන්න යන මේ දේ අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා."
මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ අර්ජුන් මහේන්ද්‍රන් විසින් නිකුත් කළ සෑම බැඳුම්කර නිකුතුවකම වංචා සිදුව ඇතැයි අනාවරණ වි ඇති බවද පාර්ලිමේන්තු මන්ති‍්‍ර රමේෂ් පතිරණ පවසනවා. ආණ්ඩුව සිදු කළ වංචා යටපත් කිරිමට වර්තමානයේ විවිධ මාතෘකා ඉදිරිපත් කරමින් සිටින බවයි මන්ති‍්‍රවරයා පැවසුවේ.