Wednesday, February 5, 2025

General line - 0115112241

මත්කුඩු ජාවාරමට සම්බන්ධ මන්ත්‍රීවරු නෙරපිය යුතුයි - ඕමල්පේ සෝභිත හිමි

කසුන් කැළුම්




මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ මහජන නියෝජිතයින් එම තනතුරුවලින් ඉවත් කළ යුතු බව ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක පුජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් පවසනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණ ලබා දෙන පාර්ශව මාධ්‍ය වෙත එල්ල  කරන තර්ජන පිිළිබඳ අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව ප‍්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණ ලබා දෙන මහජන නියෝජිතයින් පිළිබඳ අනාවරණ කළ නෙත් එෆ් එම් රේඩියෝවේ ප‍්‍රවෘත්ති කළමනාකරුට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන්ද උන්වහන්සේ මෙලෙස අදහස් දැක්වුවා.