පාකිස්තානයට ලබාදෙන ආධාර නතර කිරීමට පියවර ගත් බව අමෙරිකානු හමුදාව පවසනවා. ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 300 ක ආධාර පකිස්තානයට අහිමිවනු ඇති. ත‍්‍රස්තවාදී කණ්ඩායම්වලට එරෙහිව පියවර ගැනීමේදී පාකිස්තානය දැක්වූ දුර්වලතාවය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමෙරිකාව පවසන්නේ.
මේ අතර පලස්තීනයේ සරණාගතයන් සදහා සහන සලසන එක්සත් ජාතීන්ගේ සංවිධාන වෙත අරමුදල් සැපයීම නතර කිරීමටද අමෙරිකාව ඉකුත්දා තීරණය කළා.