Sunday, May 19, 2024

General line - 0115112241

පිලිපීනය කැළඹු සුළිකුණාටුව හොංකොං වෙත

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




පිලිපීනයට දැඩි බලපෑම් එල්ල කළ සුළි කුණාටුව මේ වනවිට හොංකොං රාජ්‍යයට බලපෑම් එල්ල කරමින් පවතිනවා.

එය ඉදිරි පැය කිහිපය තුළ දකුණු දිග චීනය දෙසට ගමන් කරනු ඇති බවයි කාලගුණ විද්‍යා බලධාරීන් පවසන්නේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මෙන්ම රජය නිකුත් කරන අනතුරු ඇගවීම් සම්බන්ධයෙන්ද අවදානයෙන් පසුවන ලෙයසි බලධාරින් හොංකොං වැසියන්ට දැනුම් දී ඇත්තේ. 

සුළි කුණාටුව පිලිපීනයට කඩා වැදීමෙන් සිදුවූ ආපදා හමුවේ පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප‍්‍රදේශ රැසක ගස් කඩා වැටීම් හා මාර්ග අවහිර වීම් වාර්තා වන බවද සඳහන්. ඇතැම් ප‍්‍රදේශවල විදුලි බල සැපයුම හා සන්නිවේදන පහසුකම් සියල්ල බිඳ වැටී ඇති බැවින් ආපදාවට පත්ව ඇති පුද්ගලයින් මුදා ගැනීමේ මෙහෙයුම් සඳහාද බාධා එල්ල වුණා. 

මේ අතර අමෙරිකාවේ නැගෙනහිර වෙරළ කලාපයට බලපෑම් එල්ල කළ ෆ්ලෝරන්ස් සුළි කුණාටුව හමුවේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව ද 12ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.