Sunday, May 5, 2024

General line - 0115112241

මීළඟ ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් ගැන තිස්ස කතා කරයි



මීළඟ ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයින් කවුරුන්ද යන්න අවසන් මොහොතේදී තීරණය වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා.

ඊයේ (03) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ සිය ඉදිරි දේශපාලන තීන්දුව ද එම අපේක්ෂකයින් කවුරුන්ද යන්න මත තීරණය කරන බවයි.  

වර්තමානයේ නිසි ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක නොවන බවද එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මෙහිදී කියා සිටියා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.