Friday, May 3, 2024

General line - 0115112241

ජපන් යුද නැව් යද්දි චීන යුද නැවක් කොළඹට එයි (PHOTOS)




කොළඹ වරායට පසුගිය සැප්තැම්බර් 30 දින සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට (JMSDF) අයත් ‘කාගා’ සහ “ඉනසුමා” නෞකාවන් අද (04) දින සිය සුහද සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරනු ලැබුවා.

මෙම නෞකාවන් මෙරට රැඳී සිටි කාල සිමාව අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබු විවිධ වැඩසටහන් රාශියකට මෙන්ම වැලිසර ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සුහද අත්පන්දු තරඟයකට ද සහභාගී වුණා..

 

මේ අතර චීන නාවික හමුදාවට අයත් ‘හයි යන්ග්ඩාඕ’ නෞකාවද සුහද සංචාරයක් සඳහා අද (04) කොළඹ වරායට සේන්දු වුණා. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගනු ලැබුවා. නෞකාව කොළඹ වරායට සේන්දු වීමෙන් අනතුරුව, නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් ෂා කීයි ඇතුළු පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය. එහිදී ඔවුන් ‍අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

සිව්දින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරය කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද සහභාගී වීමට නියමිතය. දි

ගින් මීටර් 135 ක් සහ පළලින් මීටර් 18.6 කින් යුත් ‘හායි යැන්ග්ඩාඕ’ නෞකාව ටොන් 7676 ක ධාරිතාවයකින් යුක්ත වේ. තවද, සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන ඔක්තෝබර් 07 වන දින නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.