Friday, September 20, 2024

General line - 0115112241

ආණ්ඩුවටයි විපක්ෂයටයි මහනුවර සෙල්ලම් බෑ




ඒකාබද්ධ විපක්ෂයේ පාගමනට මහනුවර නගරයේ දී සහභාගී නොවන ලෙසට සිය මන්ත්‍රීවරුන් හතර දෙනෙක්ට අද(27) අධිකරණයෙන් නියෝගයක් ලැබුණු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ඒ මහින්දානන්ද අලූත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිලූම් අමුණුගම සහ ලොහාන් රත්වත්තේ යන මන්ත‍්‍රීවරුන්ටයි.

ඔවුන්ට මහනුවර නගර සීමාවේ පෙළපාළි පැවැත්වීම අධිකරණයෙන් තහනම් කළ බවයි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා nethnews.lk වෙත පැවසුවේ.

මෙම අධිකරණ නියෝගය ලබාගැනීම සිදුකර ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් බවයි අලුත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හෙට උදෑසන 9.30 සිට එක්සත් ජාතික පක්ෂය ද සාමාජිකත්ව  ප්‍රවර්ධන වැඩසටහනක් මහනුවර  නගරයේ දී පැවැත්වීමට සුදානමින් සිටියා.

අධිකරණ නියෝගය ලබාගත් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාට සහ මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකට ද හෙට දහවල් දෙක වන තුරු මහනුවර නගර සීමාව තුළ පෙළපාලි යාම අධිකරණය විසින් තහනම් කළ බව ද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මීට පෙර පොලිසිය ප‍්‍රකාශ කළේ මාවනැල්ල නගරයට ඒකාබද්ධ විපක්ෂයේ පෙළපාළිය ඇතුලූ වීම තහනම් කරමින් අධිකරණය තහනම් නියෝගයක් ද නිකුත් කර ඇති බවයි.

 

සබැඳි පුවත්:ඒකාබද්ධ විපක්ෂයේ පාගමනට අධිකරණයෙන් තහනමක් 
පාද යාත්‍රාවට බාධාවන තැන් මෙන්න