Friday, April 26, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියාවේ සෙනෙට් මණ්ඩලයට ලාංකිකයෙක් පළමු වරට හෙට තරග බිමේ



ඕස්ටේ‍්‍රලියාවේ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව උදාවූ පළමු ශ‍්‍රී ලාංකිකයා වන්නේ ජගත් බණ්ඩාර මහතායි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉපිද කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඔහු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඕස්ට්‍රේලියා කම්කරු පක්ෂය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

ජගත් බණ්ඩාර මහතා ඕස්ට්‍රේලියානු නිෂ්පාදන වෘත්තිකයන්ගේ සංගමයේ කාර්මික නිලධාරියකු ලෙස කටයුතු කරන අතර ඔහු ඕස්ට්‍රේලියාවට ගොස් ඇත්තේ මීට වසර 26කට පෙරයි.

ඕස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේද සාමාජිකයකු ලෙස කටයුතු කරමින් අඩු ආදායම්ලාභී කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකු ලෙසයි ඔහුව හැඳින්වෙන්නේ.

හෙට (02)පැවැත්වෙන ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය සඳහා තරග කරන ජගත් බණ්ඩාර මහතා නෙත් නිව්ස් සමග කළ සංවාදය පහතින් දැක්වෙනවා.