Sunday, January 26, 2025

General line - 0115112241

ඇෆ්ගනිස්ථානයේ පොලිස් ප්‍රධානියකු ආරක්ෂකයකු ලෙස සිටි තලේබානුවකු අතින් මරුට

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇෆ්ගනිස්තානයේ කන්දහාර් පොලිස් ප‍්‍රධානී ජනරාල් අබ්දුල් රසික් ඝාතනයට ලක්ව තිබෙනවා. විදෙස් වාර්තා පවසන්නේ සිය ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් ජනරාල් අබ්දුල් රාසික් ඝාතනයට ලක්ව ඇති බවයි. වෙඩි ප‍්‍රහාරයට ලක්වූ බුද්ධි අංශ සාමාජිකයෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් ආණ්ඩුකාරවරයෙකු සහ අමෙරිකානු හමුදා සාමාජිකයින් තිදෙනෙකුද ප‍්‍රහාරයෙන් තුවාල ලබා ඇතැයි සඳහන්. ප‍්‍රහාරයේ ඉලක්කය වී ඇත්තේ ජනරාල් අබ්දුල් රසික් සහ අමෙරිකානු හමුදා ජනරාල්වරයෙක්.

ප‍්‍රහාරයේ වගකීම තලෙයිබාන් සංවිධානය භාර ගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.