Saturday, April 27, 2024

General line - 0115112241

ලන්ඩනය සීරුවෙන් : විෂ රසායනික ප්‍රහාරයක් ගැන බුද්ධි අංශ වාර්තාවක් අනතුරු අඟවයි

දිනුක් හේවාවිතාරණ




බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවරට විෂ රසායනික ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් ඇති බව එරට ඒකාබද්ධ ත්‍රස්ත විශ්ලේෂණ ඒකකය විසින් එරට රජයට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලන්ඩන් අගනුවර පිහිටි උමං මාර්ග ආශ්‍රිතව මෙම විෂ රසායනික ප්‍රහාරය එල්ල කිරීමට ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානය විසින් සැලසුම් කර ඇති බවයි බ්‍රිතාන්‍යයේ ඒකාබද්ධ ත්‍රස්ත විශ්ලේෂණ ඒකකය වැඩිදුරටත් කියා සිටින්නේ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉස්ලාමිය අන්තවාදී සංවිධානයේ ප්‍රධාන පෙලේ නායකයින් කිහිප දෙනෙක් සිදුකළ සංවාදයක් තම සංවිධානය විසින් ග්‍රහණය කල බවට එහි ත්‍රස්ත විශ්ලේෂණ ඒකකයේ ප්‍රධානියා සිය වාර්තාව මගින් හෙළිකර ඇත.

ලන්ඩනයේ පිහිටි අතිශය ජනාකීර්ණ උමං මාර්ගයක ක්ලෝරීන් නම් විෂ රසායනය අඩංගු බෝම්බයක් පුපුරුවා හැරීමටයි ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ මේ වන විටත් ලන්ඩනයේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

බුද්ධි අංශ වාර්තාව නිකුත් වීමත් සමග ලන්ඩනයේ නගරාධිපති කාර්යාලයේ ප්‍රධානත්වයෙන් විශේෂ ආරක්ෂක කමිටු රැස්වීමක් පවත්වා ඇති අතර මෙහිදී ඉදිරියේදී ගත යුතු ඉදිරි ආරක්ෂක ක්‍රියා මාර්ග පිලිබදව සාකච්ජා කර ඇති බව වාර්තා වනවා.

මිට මාස කිහිපයකට ඉහතදී හිටපු රුසියානු කේ.ජි.බි. රහස් ඔත්තු සේවයේ හිටපු නිළධාරියෙක් සහ ඔහුගේ දියණිය ඉලක්ක කර ගනිමින් රුසියානු ප්‍රහාරයකයින් විසින් සිදුකල රසායනික විෂ ප්‍රහාරය හේතුවෙන් ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානය මෙම ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කිරීමේ ඉහල සම්භාවිතාවක් ඇති බවට බ්‍රිතාන්‍ය ඒකාබද්ධ ත්‍රස්ත විශ්ලේෂණ ඒකකයේ ප්‍රධානියා සිය වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.