Wednesday, February 5, 2025

General line - 0115112241

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති පෙත්සමකට සමාන පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිෂ්ප්‍රභා කරයි




ඉන්දියාවේ ජම්බුකාෂ්මීර ප‍්‍රාන්ත රජය විසුරුවා හැරීමට ආණ්ඩුකාර සත්‍යපාල් මලික් විසින් ගත් තීන්දුවට එරෙහි ඉදිරිපත් වූ පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කර තිබෙනවා.

මෙම පෙත්සම ගොනුකර තිබුණේ භාරතීය ජනතා පක්‍ෂ මන්තී‍්‍රවරයෙකු වන ගගන් භගාත් විසින්.

පෙත්සම ගොණුකළ භාරතීය ජනතා පක්‍ෂයේ ගගන් භගාත් මන්තී‍්‍රවරයා එම පෙත්සමින් ඉල්ලා සිටියේ මෙම විසුරුවා හැරීම නීතිවිරෝධී බැවින් එම විසුරුවා හැරීමේ ආණ්ඩුකාරවරයාගේ නියෝගය අත්හිටුවා මන්ත‍්‍රණ සභාවේ බහුතර බලය විමසා බලා තීන්දුවක් ගන්නා ලෙසටයි.

එම පෙත්සම නිෂ්ප‍්‍රභ කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ ආණ්ඩුකාරවරයා විසින් ගත් මෙම තීන්දුවට හා එය කි‍්‍රයාත්මක කිරීමට එරෙහිව කිසිදු බාධාවක් කිරීමට හෝ මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු හැකියාවක් නොමැති බවයි.