Tuesday, April 30, 2024

General line - 0115112241

අමෙරිකානු තරුණයින් පිරිසක් බෝම්බ සහ අවි ආයුධ සමග කොටුවෙයි




අමෙරිකානු තරුණයින් පිරිසක් බෝම්බ සහ අවි ආයුධ තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ නිව්යෝර්ක්හි ජීවත් වන මුස්ලිම් ජනතාව ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල කිරීමයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 16ක සිසුවෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සෙසු පිරිස අවුරුදු 18, 19 සහ 20 යන වයස්වල පසුවන්නන්.

සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇත්තේ නිවසක දී සකස් කළ බෝම්බ බවයි මූලික පරීක්ෂණවල දී අනාවරණ වී ඇත්තේ. පාසල් සිසුවෙකු ලබාදුන් තොරතුරක් මත මෙම පිරිස අත්අඩංගුවට ගැණුනා.