Sunday, May 5, 2024

General line - 0115112241

ලෝක ටෙස්ට් කි‍්‍රකට් පිටියේ පළමු වැන්නෙක් වූ පළමු වැන්නා

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




වසර 45 ක් පැරණි ටෙස්ට් කි‍්‍රකට් වාර්තාවක් අලුත් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සමත් වී තිබෙනවා.

ඒ, 1974 වසරෙන් පසු ලෝක ටෙස්ට් කි‍්‍රකට් පිටියේ තුන් ඉරියව් කී‍්‍රඩකයින් අතර පළමු වැන්නා බවට පත් වූ පළමු කොදෙව් කී‍්‍රඩකයා බවට පත්වෙමින්. එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් රැස් කිරීමත් සමග ජේසන් හෝල්ඩර් මෙලෙස තුන් ඉරියව් කී‍්‍රඩකයින් අතර අංක එකේ ස්ථානයට පත් වුණා.

අංක 8 හෝ ඊට පහලින් පිටියට පිවිස ද්විත්ව ශතකයක් රැස් කළ ලොව තුන්වන කී‍්‍රඩකයා ලෙසයි ඔහු ඉතිහාසයට එක්වුණේ.