Sunday, January 26, 2025

General line - 0115112241

ට‍්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක වැඩසටහනේ හිටපු ප‍්‍රධානි සාවද්‍ය වාර්තා ලබා දි ඇතැයි හෙළිවේ

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක වැඩසටහනේ හිටපු ප‍්‍රධානි පෝල් මැනෆෝට් එෆ්. බී. අයි.  ආයතනයට සාවද්‍ය වාර්තා ලබා දි ඇතැයි අනාවරණ වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට දිස්ත‍්‍රික් අධිකරණයක විනිසුරුවරයෙකු විසින් මේ බව අනාවරණ කර ඇති බවයි.

එමෙන්ම ජනාධිපතිවරණ සමයේ රුසියානු මැදිහත්වම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටින රොබට් මුලර් සමග එක්ව කටයුතු කළ බවටද පෝල් මැනෆෝට්ට චෝදනා එල්ල වනවා. ඉකුත් අගෝස්තු මාසයේදි මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද  ඔහු වරදකරැවෙකු වු බව සදහන්. 69 වන වියේ පසුවන මැනෆෝට් තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.