Saturday, September 21, 2024

General line - 0115112241

දුම්කොළ බදු වැඩි කරන්න ඇමතිට බාධා




දුම්කොළ සමාගම්වලින් අය කරගන්නා බදු සියයට 90ක් දක්වා වැඩි කිරීමට ඇතැම් පාර්ශ්ව තමන්ට බාධා කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

මෙම කුමන බාධා පැමිණියත් අදාළ යෝජනාව ඒකාබද්ධ සංදේශයක් ලෙස මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි ඔහු අවධාරණය කළේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද ඊට අත්සන් තබනු ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියා.

දුම්කොළ සමාගම්වලින් දැනට අය කරන බද්ද සියයට 72ක්. එය සියයට 90 දක්වා වැඩි කිරීමෙන් පසු සෞඛ්‍ය සේවා මත පනවා ඇති වැට් බදු ඉවත් කර ගැනීමට අදහස් කරන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් පැවසුවේ.