Monday, April 29, 2024

General line - 0115112241

මංගලගේ ප්‍රකාශ ආණ්ඩුවේ මතය නොවන බව කියයි



මුදල් අමාත්‍ය මංගල සමරවීර සිදු කරන ප‍්‍රකාශ ආණ්ඩුවේ මතය නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කවින්ද ජයවර්ධන පවසනවා. 

ඒ, ඊයේ (05) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්. 

රටේ පවතින තත්ත්වය හමුවේ සිදු කරන ප‍්‍රකාශ වගකීමෙන් සිදු කළ යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා. 

චෝදනාවට ලක්වූ පුද්ගලයින්ට අමතරව ආණ්ඩුව නියෝජනය කරන සෙසු මුස්ලිම් මැති ඇමතිවරුන් ද සිය තනතුරු අත්හැරීම පිළිබඳවද මෙහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර කවින්ද ජයවර්ධන ප්‍රතිචාර දැක්වූවා.

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)

 

(නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සතුට වැඩසටහන අද රාතී‍්‍ර 07.30 ට ප‍්‍රචාරය කෙරෙනවා.)