Thursday, May 9, 2024

General line - 0115112241

ලොවම බලා සිටි පාකිස්තාන කණ්ඩායමේ ලකුණු රැස් කිරීම අවසන්

සමන්ත කුමාර - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තීරණාත්මක තරගය මේ වනවිට පැවැත්වෙනවා. 

ඒ, ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදීයි. 

කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 9 ක් දැවී ලකුණු 315 ක් රැස් කළා. 

ඉමාම් උල්හක් ලකුණු සියයක් රැස් කළ අතර බාබර් අසාම් ලකුණු 96 කට දැවී ගියා. ඉමාඞ් වසීම් ලකුණු 43 යි. 

පන්දු යැවීමේදී මුස්තාෆිසුර් රහමන් ලකුණු 75 කට කඩුළු 5 ක් දවා ගත්තා.

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් පාකිස්තාන කණ්ඩායම මෙම තරගය විශාල ලකුණු පරතරයකින් ජයගත යුතු වනවා.

ඒ අනුව පාකිස්තාන පිළ අවම වශයෙන් මෙම තරගයේදී ලකුණු 350 කට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර, ලකුණු 311 කින් තරගය ජය ගන්නේ නම් ඔවුන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාවක් පැවතුනා.