Monday, May 6, 2024

General line - 0115112241

තියුණු සටනකින් දැල්පන්දු කුසලානය නවසීලන්තය රැගෙන යයි

කසුන් කැළුම් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ප‍්‍රබල ඕස්ටේ‍්‍රලියාව පරාජය කරමින්, 2019 දැල්පන්දු ලෝක කුසලානය දිනා ගැනීමට නවසීලන්තය ඊයේ (21) සමත් වුණා.

තියුණු මුහුණුවරක් ගත් මෙම තරගය නවසීලන්තය ජය ගත්තේ ලකුණු 52ට 51ක් ලෙසයි. නවසීලන්තය දැල්පන්දු ලෝක කුසලානයක් දිනා ගත් පස්වන අවස්ථාව ද මෙය වනවා. ඔවුන් එවැනි දස්කමක් දැක්වූයේ වසර 16කට පසුවයි. එංගලන්තයේ ලිවර්පූල්හි පැවැති මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 16ක් එක් වූ අතර ශී‍්‍ර ලංකාවට එහිදී හිමි වූයේ 15 වන ස්ථානයයි.

ආසියානු ශූරියන් වන ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායම මෙවර තරගාවලියේදී සිංගප්පූරු කණ්ඩායමට එරෙහිව ජයග‍්‍රහණ 02ක් වාර්තා කළා. 

තරගාවලියට එක් වූ අනෙක් කණ්ඩායම් හමුවේ ශ‍්‍රී ලංකාව පරාජයට පත් වුවද මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියට එක්වූ උසම කී‍්‍රඩිකාව වූ තර්ජනී සිවලිංගම් ශී‍්‍ර ලංකා අභිමානය රැක දුන්නේ ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ වැඩිම ගෝලලාභිනිය බවට පත්වෙමින්.

තර්ජනී සිවලිංගම් මෙවර තරගාවලියේදී වාර්තා කළ ගෝල සංඛ්‍යාව 348ක්. ඇය සිංගප්පූරුවට එරෙහි තරගයේදී ගෝල 77ක් වාර්තා කළා. එය මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේදී, තරගයක වාර්තා කළ වැඩිම ගෝල සංඛ්‍යාව ලෙසද සටහන් වුණා.