Saturday, May 4, 2024

General line - 0115112241

ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක්

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




හොංකොං කි‍්‍රකට් කී‍්‍රඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

එම කී‍්‍රඩකයින් වන්නේ ඉර්ෆාන් අහමඞ් සහ නදීම් අහමඞ්.

මීට අමතරව හොංකොං කි‍්‍රකට් කණ්ඩායමේ තවත් කී‍්‍රඩකයෙකුට වසර 5 ක තරග තහනමක් පනවා තිබෙනවා. ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ඔවුන්ට මෙම තහනම පනවා ඇත්තේ දූෂණ විරෝධී විනිශ්චය සභාව හමුවේ ඔවුන් වරදකරුවන්වීම හේතුවෙන්. තරග පාවාදුන් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ.