Monday, May 6, 2024

General line - 0115112241

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා A ක්‍රිකට් සංචිතය නම් කරයි

කසුන් කැලුම්




සංචාරක බංග්ලාදේශ A කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් හා එක්දින තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා A  සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව ශී‍්‍ර ලංකා A ටෙස්ට් හා එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ අශාන් පි‍්‍රයංජන්ටයි.

පැතුම් නිශ්ශංක, සංගීත් කුරේ, ලහිරු උදාර, කමිදු මෙන්ඩිස් ඇතුළු කී‍්‍රඩකයන් 19 දෙනෙකු ටෙස්ට් සංචිතයට ඇතුළත්. එක්දින සංචිතය සදහා ද කී‍්‍රඩකයන් 17 දෙනෙකු නම් කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අසේල ගුණරත්නද එම සංචිතයට ඇතුළත්. දෙරට අතර සිව්දින තරග දෙකක් සහ එක්දින තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.